April 27, 2024

"එක අමෙරිකානුවෙකුට හරි අත තිබ්බොත් අපි පහර දෙනවා"- ට්‍රම්ප්ගෙන් ඉරානයට අනතුරු ඇඟවීමක්

පසුගියදා ලෝකයම 3 වන ලෝක යුද්ධයක් ගැන කතා කිරීමට පටන් ගත් සිදුවීමක් සිදු වුණා. ඒ අමෙරිකානු ප්‍රහාර හමුවේ ඉරානයේ විප්ලවීය නායකයෙකු වන ජෙනරාල් කාසීම් සුලෙයිමානි ඝාතනය වීමත් සමඟයි.

මෙම ඝාතනය අමෙරිකාවේ ඩ්‍රෝන් යානාවලින් සිදු කළ අතර එහිදී එරට විප්ලවීය හමුදා නායකවරයෙකු වු ජෙනරාල් කාසීම් ඉරාකයේ බැග්ඩෑඩ් නුවර දී මිය ගියා. මෙම මිය යාමත් සමඟ ඉරාන ආධ්‍යාත්මික නායකයා වන අයිතුල්ලා කොමෙනි පවා අමෙරිකාවට තර්ජනය කර තිබුණා.

අමෙරිකා එක්සත් ජනපදයේ ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබුණේ ඉරානයේ පවතින අමෙරිකානු තානාපති කාර්යාලයට ඉරාන වැසියන් විසින් පහර දෙන බවයි, එමෙන්ම ඔවුන් අමෙරිකානු ජාතිකයෙකුට හෝ අ⁣මෙරිකාවට අයත් දෙයකට පහර දුනහොත් ඉරානයේ දැඩි වටිනාකමකින් යුතු සහ ඉරානයට වැදගත්වන ස්ථාන 52ක් ඉලක්ක ගත කර ඇති බවත් එම ස්ථානයන්ට දැඩි ප්‍රහාරයක් ඉතාමත් වේගයෙන් එල්ල කිරීමට සුදානම් බවත් ට්‍රම්ප් ඔහුගේ ට්විටර් ගිනුමේ සටහනක් තබමින් පවසා තිබුණා.

ට්‍රම්ප් කාසීම් සුලෙයිමානි ව ත්‍රස්තවාදියෙකු ලෙසත්, ඔහු විශාල ජනතාවක් ඝාතනය කළ බවද ඔහුගේ ට්විටර් පණිවිඩය තුළ වැඩි දුරටත් සටහන් කර තිබුණා.

නමුත් ඉරානය තුළ කාසීම් ගේ මරණ වෙනුවෙන් ශෝක දිනයක් ද ප්‍රකාශයට පත් කර තිබුණා. එමෙන්ම ඉරාන ජනතාව මහා මාර්ගවලට පැමිණ කාසීම්ගේ මරණයට ශෝකය පළ කරන්නත්, විරෝධය දක්වන්නටත් පටන් ගෙන ඇති බව සඳහන් වෙනවා.

ජෙනරාල් කාසීම් සුලෙයිමානි යනු එර⁣ට විශාල හමුදා මෙහෙයුම් ප්‍රමාණයක් සිදු කර ඇති හමුදා නායකයා වෙන අතර ඉරාන වීර හමුදාවේ හදවත ලෙස සලකන කොඩ්ස් බලකායේ අණ දෙන නිලධාරියා ද වෙනවා.

කෙසේ වෙතත් මෙම සිදුවීම ලෝකයේ දැඩි ලෙස කතාබහකට ලක්ව තිබෙන්නේ තෙවනි ලෝක යුද්ධයක් මෙම රටවල් දෙක අතර ඇතිව තිබෙන උණුසුම් තත්ත්වය නිසා ඇතිවෙයි යන්නයි.

ඉරානය හා අමෙරිකාව අතර ඉතාමත් හොඳ රාජතාන්ත්‍රික සම්බන්ධතාවයක් ද පැවැතුණේ නැත.
Rate this item
(1 Vote)