April 26, 2024

ගිනි⁣ ගෙන දැවෙන කැන්ගරුවන්ගේ දේශය

කැන්ගරුවන්ගේ දේශය හෙවත් ඕස්ට්‍රේලියාව වෙත මේ වන විට මුළු මහත් ලෝකයාගේ ම අවධානය හිමිවන්නට පටන් ගෙන ඇත.

බොහෝ රටවල ජනතාව ආගමික වතාවත් කරමින් ඕස්ට්‍රේලියාව වෙනුවෙන් යාඥා කිරීමට පවා පටන් ගෙන ඇත.

ඒ වෙන කිසිවක් නිසා නොව මාස සති දින පැය ගණන් පුරාවට මහා ගිනි ජාලාවකින් ඕ⁣ස්ට්‍රේලියාව දැවී යාම පටන් ගෙන ඇති නිසාය.

මේ වන විටත් හෙක්ටර්යාර් මිලියන 5කට වඩා අධික භූමි ප්‍රමාණයක් ඕස්ට්‍රේලියානු මහද්වීපයේ භූමියෙන් ගිනි බත්ව අවසන් ඇතිබව විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර තිබේ.

එමෙන්ම විදෙස් මාධ්‍ය වාර්තා කරන අයුරින් ඕස්ට්‍රේලියාව තුළ ජීවත්වන සතුන් බිලියන භාගයක් පමණ ( මිලියන 480)ක් පමණ මේ දැවැන්ත ලැව් ගින්නට හසුවීම නිසා විනාශයට පත් වී තිබේ.

වැඩිම හානියක් සිදුව තිබෙන්නේ ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් හා වික්ටෝරියා යන ප්‍රදේශයන්වලයි.

වනාන්තර දහනය නිසා දැන් ඕස්ට්‍රේලියාව තවත් ගැටලුවකට මුහුණ දී සිටි. ඒ වායු දුෂණය වීමත් සමඟයි. මේ වන විටත් ඕස්ට්‍රේලියාවේ අගනගරය වන සිඩ්නි නුවර සමහර ප්‍රදේශයන්හී වායු දුෂණය අවදානම් සීමාවට පැමිණ ඇති බවත් විදෙස් මාධ්‍යයන් වාර්තා කර තිබෙනවා.

ඕස්ට්‍රේලියාවේ පවතින ග්‍රීෂ්ම සෘතුව නිසා ඇතිවන තිබෙන වියළි කාලගුණ තත්ත්වය ගින්න වේගයෙන් පැතිර යාමට හේතුවක් බවට පත් වී තිබෙනවා.

ඕස්ට්‍රේලියාවේ වසරකට ලැව් ගිනි සිදුවීම් 54000ක් පමණ වාර්තා වේ. ඒවා අතර අකුණු ගැසීම් නිසා සිදුවන ස්භාවික ගිනි ගැනීම් හා මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ඇතිවෙන ගිනි ගැනීම් ද වෙනවා. නමුත් වැඩිම ප්‍රමාණයක් සිදුවන්නේ මිනිස් ක්‍රියාකාරකම් නිසා සිදුවන ලැව් ගිනිය.

ගිනි ගැනීම් නිසා පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් එරට වැසියන් මුහුද වෙරළ තුළත්, රටේ විල් ගංඟා ජලාශයන් පවතින ස්ථානයන්වලත් කාලය ගත කිරීමට පටන් ගෙන තිබෙනවා. ඕස්ට්‍රේලියාවේ වැඩිම උෂ්ණත්වය ලෙස 48.3°C ප්‍රමාණයක් වාර්තා වී තිබුණා.

2009 වසරේ ඕස්ට්‍රේලියාවේ සිදු වු "කළු සෙනසුරාදා" නමින් හඳුන්වන ප්‍රබල ලැව් ගින්නෙන් විනාශ වු ප්‍රමාණය ඉක්මවා යන්නට මෙම විනාශකාරි ලැව් ගින්නට හැකියාව ලැබී ඇති බව සඳහන් වෙනවා. මෙම ගින්නේ ගිනි පුපුරු ඕස්ට්‍රේලියාවේ ඔපෙරා රඟහළට වඩා උසකින් යුතු බවයි වාර්තා ⁣⁣වෙන්නේ.

Rate this item
(0 votes)