April 27, 2024

ඇමසන් කලාපීය සමුළුව චෝදනා ලැබ සිටින බ්‍රසීල ජනපති මඟ හරී

September 04, 2019

ලබන සිකුරාදා (06) කොලොම්බියාවේ පැවැත්වීමට නියමිත ඇමසන් කලාපිය රටවල සමුළුව සඳහා මතභේදයට තුඩු දී තිබෙන බ්‍රසීල ජනපති බොල් සොනාරෝ වෛද්‍ය හේතූන් මත සහභාගී නොවන බව ඔහුගේ නියෝජිතයෙක් පවසයි.

2018 වර්ෂයේ ජනාධිපතිවරණ ව්‍යාපාරයේදී සිදු වූ පිහි ඇනුමකින් බොල් සොනරෝ බරපතල ලෙස රෝගාතුර වූ අතර ඒ සඳහා මේ වන විට සැත්කම් 4ක් සිදු කර ඇති අතර එහි 5 වන සැත්කම 8 වනදා සිදු කිරීමට නියමිත බව බොල් සොනාරෝ සමුළුවේ සංවිධායකයින් වෙත දන්වා තිබේ.

ඒ සඳහා සමුළුව පැවැත්වීමට නියමිත සිකුරාදා සිට නිරාහාරව සිටිය යුතු අතර මෙම සැත්කමෙන් පසු යලි ප්‍රකෘති ත්ත්වයටපත් වීමට දින 10ක් පමණ ගත වන බව ඒ මහතාගේ වෛද්‍යවරයා සඳහන් කර ඇත.

මේ වර්ෂය තුළ ඇමසන් වැසි වනාන්තරයේ ගිනි ගැනීම් 80,000කට වැඩි ප්‍රමාණයක් සිදු වී ඇති අතර එහි බරපතල හානි සිදු වී ඇත්තේ බ්‍රසීලයට අයත් කොටසේය. 2018 වර්ෂයට සාපේක්ෂව එය 77%ක වැඩි වීමකි.

බොල් සොනාරෝ විසින් හරක් ගොවිපල කටයුතු කරන පුද්ගලයින් ඇමසන් වනාන්තර එලි පෙහෙළි කර සිය කටයුතු වලට යොදාගැනීමට අනුබල දෙන බවට පරිසරවේදීන් චෝදනා කරයි.

ඒ අතර ඇමසන් වනාන්තරය ආරක්ෂා කිරීමට ජනාධිපතිවරයා අපොහොසත් වූ බවට දෙස් විදෙස් චෝදනාද එල්ල වේ.

ඇමසන් ගිනි තැබීමෙන් ලොව උෂ්ණත්වය  යන බවද චෝදනා නගන්නන් පෙන්වා දෙයි.

සැප්තැම්බර් 24 වන දින පැවැත්වෙන  මහා සමුළුවට රෝද පුටුවකින් හෝ ගොස් සහභාගී වී තමාගේ ඇමසන් ප්‍රතිපත්තිය ඔවුන්ට තේරුම් කර දෙන බව බොල් සොනාරෝ ප්‍රකාශ කරයි.

Rate this item
(0 votes)