May 02, 2024

හොංකොං පාලනය ළඟදීම චීනයට?

චීනය විසින් 8000ත් 10000ත් අතර නව හමුදා බල ඇණියක් සිය පාලනය යටතේ පවතින් අර්බුධකාරී හොංකොං දේශයට යවා තිබේ.

ආසියාවේ ආර්ථික මරමස්ථානයක් සේ සැලකෙන හොංකොංහි පැවතෙන අර්ධ ස්වයං පාලන ක්‍රමය අහෝසි කොට සෘජුම චීනයේ පාලනය යටතට ගැනීමට චීනය ගෙන ඇති තීන්දුවට එරෙහිව හොංකොංහි දිනපතාම විරෝධතා හා උද්ඝෝෂණ පැවැත්වෙයි.

හොංකොහි සිදුවන විරෝධතා ලෙස වාඩිවී නිකන් බලාගෙන සිටි නොහැකි බවට චීනයේ බිජිං අගනුවර බලධාරීන් විසින් හොංකොං වැසියන්ට අනතුරු අඟවා තිබේ.

1997 දී බ්‍රිතාන්‍ය විසින් හොංකොං නගරයේ පාලනය චීනයට පවරා දුන් අතර එය "එකම රටක් - පාලන ක්‍රම දෙකක්" යන සංකල්පය යටතේ පාලනය විය.

ලක්ෂ 74ක ජනගහනයෙන් යුත් හොංකොං වෙත අතිරේක බල ඇණි යැවීම සාමාන්‍ය කටයුත්තක් බව චීනය ප්‍රකාශ කරයි.

Rate this item
(0 votes)