April 26, 2024

ඇමසන් ගින්න නිවන්න ලෝක බලවතුන්ගෙන් රුපියල් මිලියන 7200ක්

නොබෝදා අවසන් වූ ලෝක බලවතුන්ගේ (G 7) සමුළුවේදී ඇමසන් වැසි වනාන්තරයේ ඇති වී තිබෙන ගින්න පාලනය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 40ක (රුපියල් මිලියන 7200ක්) මුල්‍ය පරිත්‍යාගයක් කිරීමට තීරණය වී ඇත.

බ්‍රසීලයේ පාරිසරික කටයුතු ඇමැති රිකාඩෝ සලාස් ඊට සිය කෘතඥතාවය පළ කර තිබේ.

ලතින් ඇමරිකාවේ රටවල් කිහිපයක් පුරා පැතිරී ඇති ඇමසන් වැසි වනාන්තරයේ බ්‍රසීලයට අයත් කොටසේ හටගෙන ඇති මෙම ගින්න ලෝක පාරිසරික වෙනස්වීම් වලට දැඩි බලපෑමක් කිරීමට සමත් වෙයි. 

ප්‍රංශය ඇමරිකානු ඩොලර් 20, බ්‍රිතාන්‍ය ඇමරිකානු ඩොලර් 20, කැනඩාව ඇමරිකානු ඩොලර් 11 ද ලබා දීමට කැමති වී ඇති අතර කැනඩාව සිය ගිනි නිව්වීමේ ගුවන් යාන බ්‍රසීලයට එවීමටද කැමැත්ත ප්‍රකාශ කර තිබේ.

ඉකුත් සෙනසුරාදා සහ ඉරිදා තව ගිනි ඇවිලීම් 1113 හට ගෙන තිබෙන බවද වාර්තා වේ.

ඇමසන් වනාන්තරයේ හට ගෙන ඇති ගින්න මැඩ පැවැත්වීමට නොව එය ව්‍යාප්ත කිරීමට කටයුතු කරන බවට බ්‍රසීල ජනපති බුල් සොනාරෝ හට චෝදනා එල්ල වන අතර ඊට ප්‍රතිචාර ලෙස ඔහු පවසන්නේ පොහොසත් රටවල් ලතින් ඇමරිකානු කලාපය සිය කොලනියක් සේ සලකා කටයුතු කරන බවයි. 

Rate this item
(0 votes)