April 27, 2024

තායිලන්ත හිටපු අගමැති තක්ෂින් ශිනවත්ට වසර 2ක සිර දඬුවම්

 තායිලන්ත හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වන තක්ෂින් ශිනවත්ට එරට අධිකරණයකින් වසර 2ක සිර දඬුවම් නියම කර තිබේ.

මෙලෙස ඔහුට සිර දඬුවම් නියම කර ඇත්තේ ඔහු අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ රාජ්‍ය ලොතරැයි මණ්ඩලය නීති විරෝධී අයුරින් හැසිරවීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවකට වරදකරු කරමිනි.

අදාළ සිදුවීම වාර්තා වී ඇත්තේ මීට වසර 10 කට පෙර ය.

එලෙස මූල්‍ය වංචාවක් සම්බන්ධ චෝදනාවකට වරදකරු වූ තක්ෂින් ශිනවත්ට පසුගිය අප්‍රේල් මාසයේදී ද එරට අධිකරණයකින් වසර 3ක සිර දඬුවමක් නියම කළේය.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙය ඔහුගේ දේශපාලන ගමනට කැළලක් වනු ඇති බව ය.

Rate this item
(0 votes)