April 27, 2024

ට්‍රම්ප් නිල සංචාරයක් සඳහා බ්‍රිතාන්‍යයට

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිල සංචාරයක් සඳහා අද (03) බ්‍රිතාන්‍යයට පැමිණීමට නියමිතයි.

ඔහු දින තුනක කාලයක් එරට රැඳී සිටිනු ඇති.

අමෙරිකානු ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ මෙලනියා වෙනුවෙන් අද පස්වරුවේදී දෙවන එළිසබෙත් මහරැජිනගේ ප්‍රධානත්වයෙන් බකිංහැම් මාලිගයේදී පිළිගැනීමේ උත්සවයක් පැවැත්වීමට නියමිතයි.

ඒ සඳහා කේම්බ්‍රිජ් ආදිපාද යුවළද සහභාගි වන නමුත් පසුගියදා සිය පළමු දරු ප්‍රසූතිය සිදුකළ මේගන් මාකල් ආදිපාදවරිය එම අවස්ථාවට සහභාගි වන්නේ නැහැ.

අනතුරුව වෙස්ට්මින්ස්ටර් ඇබේ දේවස්ථානයේ සංචාරයකට එක්වන ට්‍රම්ප් සහ මෙලනියා, ක්ලැරන්ස් හවුස් හිදී චාල්ස් කුමරු සහ කොන්වෝල් හි ආදිපාදවරිය සමඟ තේ පැන් සංග්‍රහයකට සහභාගි වනු ඇති. 

ට්‍රම්ප් බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ හමුවීමට නියමිතව තිබෙන්නේ හෙට (04) උදෑසනයි.

එහිදී නායකයන් දෙපළ සාකච්ඡාවකට සහභාගි වන අතර පසුව ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පැවැත්වීමටත් කටයුතු සූදානම් කර තිබේ.

බ්‍රෙක්සිට් ක්‍රියාවලිය අසාර්ථක වීම හේතුවෙන් අගමැතිනී තෙරේසා මේ එලඹෙන හත් වන දා ධුරයෙන් ඉවත්ව යාමට නියමිතයි.

ඒ සමඟ නව අගමැතිවරයෙකු පත්කර ගැනීම සඳහා වන සටන මේ වන විට ආරම්භ වී තිබේ.

එවන් පසුබිමක බ්‍රිතාන්‍ය සංචාරයකට එක්වන ට්‍රම්ප් ජනාධිපතිවරයා, අගමැති සටනේදී  සිය සහාය බෝරිස් ජොන්සන්ට ලබාදෙන බවයි  පුවත්පතකට ප්‍රකාශ කර ඇත.

Rate this item
(0 votes)