April 26, 2024

ආරක්ෂක ලේකම්වරයා ධුරයෙන් පහකරයි

එක්සත් රාජධානියේ ආරක්ෂක ලේකම් ගෙවින් විලියම්සන් ධුරයෙන් පහකර තිබේ.

ඒ එරට ජාතික ආරක්ෂක කවුන්සිලයේ ඉහළ මට්ටමේ සාකච්ඡාවක තොරතුරු බාහිර පාර්ශවයන්ට හෙළිදරව්වී තිබීම හේතුවෙන්ය.

ආරක්ෂක ලේකම් ධුරයෙන් ඉවතට ප්‍රධාන පෙලේ දුරකතන සමාගමක් යොදාගනිමින් දුරකතන ජාල සබඳතාවක් ඉදිකිරීම සම්බන්ධයෙන් එක්සත් රාජධානියේ ජාතික ආරක්ෂක කවුන්සිලයේ ඉහළ පෙලේ සාකච්ඡාවක් සිදුකර තිබේ.

එහි තොරතුරු බාහිර පාර්ශවයන්ට හෙලිදරව් වීමත් සමග එරට පාර්ලිමේන්තුව තුළද උණුසුම් වාතාවරණයක් හටගෙන තිබේ.

එම තොරතුරු පිටතට හෙලිදරව් වීම සම්බන්දයෙන් චෝදනා එල්ලවී තිබෙන්නේ ආරක්ෂක ලේකම්වරයාටයි.

එහෙත් ආරක්ෂක ලේකම් විලියම්සන් තමාට එල්ලවී ඇති චෝදනාව දැඩිව ප්‍රතික්ෂේප කරයි.

කෙසේ නමුත් මෙම සිදුවීම මුල් කර ගනිමින් ධුරයෙන් ඉවත් වන ලෙස අගමැතිනී තෙරේසා මේ විසින් ආරක්ෂක ලේකම්වරයාට දැනුම් දී තිබුණි.

ඔහුගේ සේවය සම්බන්ධයෙන් තමාට තවදුරටත් විශ්වාසය තැබිය නොහැකි බව අගමැතිනිය පවසා තිබේ.

Rate this item
(0 votes)