April 27, 2024

පාප්වහන්සේ සුඩාන නායකයන්ගේ දෙපා අල්ලමින් කළ ඉල්ලීම (PHOTOS)

පසුගිය දා අත්අඩංගුවට පත් ජූලියන් අසාන්ජ් හරි අපූරු කතාවක් කියලා තිබුණා..

ඔහු කිව්වේ මෙහෙම දෙයක්,

"...යුද්ධය බොරුවකින් ආරම්භ කරන්න පුළුවන් නම්, සත්‍යයට යුද්ධය නවත්වන්න පුළුවන්..."

ඒ කියමන ඇතුළේ සෑහෙන්න ලොකු අර්ථයක් තියෙනවා කියලා හිතුණේ ශුද්ධෝතම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ කළ ක්‍රියාවක් නිසා..

සුඩානය සෑහෙන්න අර්බුද තිබුණු රටක්. ඒත් මේ රට එකට සිට තමන්ගේ ප්‍රශ්න විසඳ ගන්නවා විනා, රට දෙකඩ ⁣කරගෙන තවත් අර්බුදයන් ඇති කර ගන්නට කටයුතු කරනවා. මේ නිසා එකම රටක ජනතාව දේශ සීමාවලට බෙදිලා තමන්ගේ ජීවත් වීම පසකට දාලා ඇණ කොටා ගන්න තැනට පත් වුණා.

ලෝක නායකයන් මේ රටවල් ගැන ඒ තරම් තැකීමක් නොකරන අතරේ ශුද්ධෝතම පාප්වහන්සේ මේ අර්බුදය විසඳන්න තීරණය කරනවා..

ඒ අනුව පසුගිය දවසක උන්වහන්සේ දකුණු සුඩාන රාජ්‍ය නායකයන් සහ ඔවුන්ගේ ප්‍රතිවිරුද්ධ නායකයන් ට වතිකානුව⁣ට ආරාධනා කරනවා. ඒ ඔවුන් අතර තිබුණු විරසකය නිමා කිරීමේ අරමුණ ඇතිවයි.

මේ රාජ්‍ය නායකයන් ගෙන් උන්වහන්සේ ඉල්ලා සිටියේ සියලු වාර්ගික, සමාජීය, දේශපාලන ගැටලු ඉවත දමා එකම ජාතියක් වෙනුවෙන් හීන දකින අහිංසක ජනතාව වෙනුවෙන් එක ජාතියක් ලෙස කටයුතු කරන ලෙසයි.

මේ ඉල්ලීම කළ ආකාරය තරමක් සංවේදී වුණේ 82 දෙහැවිරිදි වියේ පසු වන ෆ්‍රැන්සිස් පාප්වහන්සේ සුඩාන නායකයන්ගේ දෙපා වැඳ උන්වහන්සේගේ ඉල්ලීම කළ නිසයි. ඒ ඉල්ලීම හමුවේ සුඩාන රාජ්‍ය නායකයන් පවා දැඩි ලෙස සංවේදී මෙන්ම අසරණ වුයේ එය තවත් ඉවත දැමිය නොහැකි ප්‍රබල ඉල්ලීමක් වන නිසා විය හැකිය.

ජූලියන්ගේ කියමන හරිය, සාමය නිර්මාණය කළ හැක්කේ මුලාවෙන් නොව සත්‍යවාදී ආදර්ශයක් ඔස්සේ පමණි. එය මෙම සුඩාන සිදුවීමේ ඔස්සේ පැහැදිළි වන බව නම් කිව යුතුය.
Rate this item
(0 votes)
Last modified on Friday, 12 April 2019 15:17