April 26, 2024

විකී ලීක්ස් නිර්මාතෘ ජූලියන් අසාන්ජ් අත්අඩංගුවට

ලෝකයේ ආන්දෝලාත්මක හෙළිදරව් කිහිපයක් ම නිකුත් කළ විකී ලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘවරයා වන ජූලියන් අසාන්ජ් ව පසුගිය බ්‍රහස්පතින්දා ලන්ඩන්වල පිහිටි ඉක්වදෝරයේ තනාපති කාර්යාලයේ දී අත්අඩංගුවට ගත් බව ලන්ඩන්
පොලීසිය සඳහන් කර තිබුණා.

2012 වසරේ දී ජූලියන් අසාන්ජ්ව අත්අඩංගුවට ගැනීම සඳහා මෙට්‍රෝපොලිටන් පොලීසිය විසින් වරෙන්තුවක් නිකුත් කර තිබූ අතර ජූලියන් අසාන්ජ් යටත් නොවී පසුගිය වසර 7 පුරාවටම ලන්ඩන්වල පිහිටි ඉක්වදෝර් තනාපති කාර්යාලයේ නැවතී සිට ඇත.

ජූලියන්ව එංගලන්තයේ මධ්‍යම පොලීස් ස්ථානයේ භාරයට ගෙන ඇති බවත් සඳහන් වෙනවා. ජූලියන් ලිංගික හිංසනයක් සිදු කිරීමේ චෝදනාවකට ද මුහුණ දී සිටි.

ජූලියන් ව හැකි ඉක්මණින් වෙස්ට්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ද ලන්ඩන්වල මධ්‍යම පොලීස්  ස්ථානය ප්‍රකාශ කර තිබුණා.

Rate this item
(0 votes)