April 26, 2024

ව්‍යාජ පුවත් බොරු ප්‍රචාරණ නවත්වන්න සිංගප්පුරුව සැරසෙයි

සමාජ මාධ්‍ය කියන්නේ අද වන විට විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවලට වඩා වේගයෙන් පුවත් හා තොරතුරු ප්‍රචාරය වන අංගයක්. ඒත් මේ ප්‍රචාරය වන පුවත්වල විශ්වාසනීයත්වය හා නිවැරැදි භාවය ගැන නම් පවතින්නේ ප්‍රශ්නාර්ථයක්. සමාජජාලයන් හී මෙවන්
අසත්‍ය පුවත් ප්‍රචාරණය වීම වැළැක්වීම සඳහා විවිධ ක්‍රමයන් පැවතියත් ඒවා ප්‍රායෝගිකව අසාර්ථක වන අවස්ථා ද පවතිනවා. මෙම ප්‍රචාරයන් නිසා සමාජයේ ඇති විය හැකි අහිතකර දේවල් බොහෝ පවතිනවා.

මේ නිසා සිංගප්පුරු රජය විසින් මෙවැනි ව්‍යාජ සහ බොරු ප්‍රචාරණයන් සමාජජාල ඔස්සේ ප්‍රචාරය වීම වැළැක්වීම වෙනුවෙන්  නීති ස්ථාපනය කරන්නට යන බව සඳහන් වෙනවා. ඔවුන් පවසන්නේ එමඟින් වාර්ගික හා ආගමික සිදුවීම සමඟ ඇතිවෙන ප්‍රචාරණයන් සහ කුපිත කිරීම් මඟින් රටේ ඇති වෙන අහිතකර තත්ත්වයන් මඟින් ජනතාව ආරක්ෂා කර ගැනීමට හැකිවනු ඇති බවයි. මෙම යෝජනාව සිංගප්පුරු පාර්ලිමේන්තුවට ඉදිරි සතියේ ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන් වෙනවා.

මෙම අලුතින් ගෙන එන්නට හදන නවතම නීතිය ගැන සමාජ විශ්ලේෂකයන් නම් පසුවන්නේ එතරම් යහපත් අදහසක් නෙමෙයි. ඔවුන් පවසන්නේ එය සිංගප්පුරු ජනතාවගේ නිදහසට බාධා කිරීමක් බවයි.

Rate this item
(0 votes)