April 26, 2024

හිමි දිය වීමත් සමග මතු වූ මිය ගිය පුද්ගලයෝ

එවරස්ට් කඳුවැටියේ ගැල්සියර දිය වීම වැඩි වී ඇති බව වාර්තා වෙනවා. එවරස්ට් මුදුනේ මීට පෙර වාර්තා වී තිබුණු ඉහළම උෂ්ණත්වය වී තිබුණේ -3.3°C ක අගයක් නමුත් දැන් එය 2°C ක අගයක් දක්වා ඉහළට පැමිණ ඇති බවයි වාර්තා වෙන්නේ.

මේ නිසා එවරස්ට් කඳු මුදුනේ Khumbu ගැල්සියරය පෙරට වඩා දිය වී ගොස් ඇති බව වාර්තා වෙනවා. මේ දිය වී යාමත් සමග අතුරුදහන් වු කිහිප පුද්ගලයන් ගේ මළ සිරුරු කිහිපයක් මතු පිටට පැමිණ ඇති බව එවරස්ට් කඳු තරණය කරන්නන් භාර සිටින නිලධාරීන් පවසා තිබෙනවා.

මෙලෙස මතු වී තිබෙන්නේ කාලයකට පෙර එවරස්ට් තරණය කරන්නට ගොස් විවිධ අනතුරුවලට ලක් ව අතුරුදහන් වු පුද්ගලයන්⁣ කිහිප දෙනෙකුගේ මළ සිරුරුය. ඒවා⁣ මෙතෙක් කල් හිම යට සැඟ වී තිබෙන්න⁣ට ඇති බවත්, ගැල්සියරය දිය වීම ආරම්භ වීමත් සමග එම සිරුරු පිටතට මතු වී තිබෙන බවයි සඳහන් වන්නේ.

මෙම සිරුරු පහළට ගෙන එම ගැන මේ වන විට සාකච්ඡා පවතින බව සඳහන් වෙනවා. වර්ෂ 1921 සිට මේ දක්වා මිය ගිය පුද්ගලයන් 300ක ගේ පමණ මළ සිරුරු එවරස්ට් මුදුනේ පවතිනවා.

මෙම සිරුරක් ඉවත් කිරීමට ඇමෙරිකානු ඩොලර් 40,000 සිට 80,000ක අතර වියදමක් දැරීමට සිදු වේ. එමෙන් ම ඒ සඳහා පුද්ගල ශ්‍රමය සෙවීමට ද අපහසුව ඇත, ඒ එවරස්ට් මුදුනේ දැඩි ශ්‍රමයක් වැය කිරීම මරණයට අත වැනීමක් වන නිසායි.

මේ නිසා එම මිය ගිය පුද්ගලයන්ගේ ඥාතීන් විසින් එම මිය ගිය අයගේ සිරුරු එවරස්ට් මුදුනේ ම මිහිදන් කරන බවත් සඳහන් වෙනවා. තවත් මිය ගිය අයගේ සිරුරු එම පුද්ගලයන් අවසන් කැමත්ත පරිදි කඳු මුදුනේ ම තිබෙන්නට හරින බවත් සඳහන් වෙනවා. සමහර මළ සිරුරු එවරස්ට් තරණය කරන්නන් මාර්ග සලකුණු ලෙස ද භාවිත කරන බව සඳහන් වෙනවා.
Rate this item
(1 Vote)