April 26, 2024

කාබුල් නුවර බෝම්බ පිපිරීම් කිහිපයක්

ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර සිදුවූ බෝම්බ පිපිරීම් කිහිපයක් හේතුවෙන් පුද්ගලයින් සයදෙනෙක් මියගොස් ඇත.

පිපිරීම්වලින් තවත් 23දෙනෙක් තුවාල ලබා ඇති බව විදෙස් පුවත් වාර්තා කළේය.

පිපිරීම්වල ඉලක්කය වී ඇත්තේ ෂියා මුස්ලිම්වරුන් බහුල කාර්තේ ඊ ෂෙයික් ඉස්ලාම් දේවස්ථානයයි.

බටහිර කාබුල්හි පිහිටි මෙම දේවස්ථානය ෂියා මුස්ලිම්වරුන් අතර ජනප්‍රිය දේවස්ථානයකි.

පර්සියානු නව වසර වෙනුවෙන් පැවැති උත්සවයක් අතරතුර අදාළ ප්‍රහාරය එල්ල වී ඇති බවට සඳහන්ය.

කෙසේ වෙතත් මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් පරස්පර වාර්තා පළවී තිබුණි.

අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශයට අනුව දේවස්ථානය වෙත මෝටාර් බෝම්බ ප්‍රහාරයක් එල්ල වූ බව පැවසෙන අතර ආරක්ෂක අමාත්‍යංශ වාර්තාවල පළවූයේ දේවස්ථානය වෙත රොකට් ප්‍රහාර තුනක් එලල් වූ බවය.

මේ අතර ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කර ඇති බව පොලිසිය පවසා සිටියේය.

Rate this item
(0 votes)