April 26, 2024

ආර්ජන්ටිනාවේ ජනාධිපති ඉන්දියාවේ නිල සංචාරයක

February 18, 2019

ආර්ජන්ටිනාවේ ජනාධිපති මොරිෂියෝ මැක්‍රි නිල සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණ සිටියි.

ඔහු දින තුනක කාලයක් ඉන්දියාවේ රැඳී සිටිනු ඇති.

ආර්ජන්ටිනා ජනාධිපතිවරයා ඇතුළු පිරිස නවදිල්ලි ගුවන් තොටුපලේදී පිළිගනු ලැබුවේ එරට තොරතුරු හා ජනමාධ්‍ය ඇමති රාජ්‍යවර්ධන් සිං රතෝර් විසින්.

මෙම පිරිස පිළිගැනීමට අලංකාර නර්තනාංග කිහිපයක්ද ඉදිරිපත් කර තිබුණි.

අනතුරුව ඔවුන් අග්‍රා හි පිහිටි ටජ් මහල නැරඹීමටත් ගොස් ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක් වේ.

මොරිෂියෝ මැක්‍රි සහ අගමැති නරේන්ද්‍ර මෝදි අතර ද්විපාර්ශ්වික සාකච්ඡා අද (18) පැවැත්වීමට නියමිතයි.

න්‍යෂ්ටික බලය, ආර්ථිකය, කෘෂිකර්මාන්තය, සංස්කෘතික සහ සංචාරක ප්‍රවර්ධනය ඇතුළු ක්ෂේත්‍ර රැසක් සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කරනු ඇති.

ඉන්දියාව සහ ආර්ජන්ටිනාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නිල වශයෙන් ආරම්භ කර වසර 70ක් සපිරෙන මොහොතක මැක්‍රි ජනාධිපතිවරයා ඉන්දියාවේ සංචාරය කිරීමත් විශේෂත්වයක්.

Rate this item
(0 votes)