April 27, 2024

පාසල් සිසුන් එක්ව තැබූ ලෝක වාර්තාව

February 02, 2019

යතුරු පැදි ධාවනයේදී හිස් වැසුම් පැළදීමේ අවශ්‍යතාව පැහැදිලි කිරීමේ අරමුණින් සංවිධානය වූ ඉසව්වක් ඉන්දියාවේදී සංවිධානය වී තිබේ.

වැඩිම පිරිසක් එක්වර හිස් වැසුම් පැළඳගෙන  සිටි අවස්ථාවක් ලෙස ලෝක වාර්තාවක් පිහිටුවීමට ඉන්දියාවේ සිසුන් පිරිසක් සමත්ව ඇත.

ඊට පාසල් සිසුන් 5000කට වැඩි පිරිසක් එක්ව සිටි අතර එහිදී ඔවුන් ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවීමටත් සමත් වුණි.

මාර්ග ආරක්ෂාව පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීමේ අරමුණින් ඔවුන් මෙය සංවිධානය කර ඇති බව සඳහන් විය.

ඉන්දියාවේ යතුරු පැදි අනතුරුවලින් බහුතරයක් දෙනා මියගොස් ඇත්තේ හිස් වැසුම් පැළඳීම වැනි ආරක්‍ෂිත පියවර අනුගමනය නොකිරීම හේතුවෙන් බවට වාර්තා පෙන්වා දෙයි.

මෙහි එක්ව සිටි සිසුන් සියලු දෙනා සටන් පාඨ කියමින් හිස් වැසුම් පැළදීමේ වැදගත්කම පැහැදිලි කිරීමේ උත්සාහයක නිරත වුණි.

මෙම අවස්ථාවට බොලිවුඩ් නළු ෂහිඩ් කපූර් ද අත්වැල් බැඳගෙන සිටියේය.

මෙම වාර්තාවට මින් පෙර හිමිකම් කීවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයයි.

ඔවුන් 2016 වර්ෂයේදී පිහිටුවනු ලැබූ එම වාර්තාවට පුද්ගලයින් 3929 දෙනෙකු සහභාගී වී සිටි බව විදෙස් වාර්තා සඳහන් කළේය.

Rate this item
(0 votes)