April 26, 2024

ලෝක තරුණ කතෝලික දින සමුළුව ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ මූලිකත්වයෙන්

ශූද්ධෝත්තම ෆ්‍රාන්සිස් පාප් වහන්සේගේ මූලිකත්වයෙන් ලෝක තරුණ කතෝලික දින සමුළුව පැනමා රාජ්‍යෙය්දී ආරම්භ විය.

ලෝක තරුණ කතෝලික දින සමුළුව පැනමාවේදී ආරම්භ වූ අතර එහි ප්‍රධාන අමුත්තා ලෙසින් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ එක්ව සිටියේය.

සමුළුව ආරම්භ වීමට පෙර පෝප් මොබයිල් රථයේ නැගී වීදි සංචාරය කළ ශුද්ධෝත්තම පාප් වහන්සේට උණුසුම් පිළිගැනීමක්ද හිමිව ඇති අතර පැනමා සිටීහි පැවැති උත්සවය සඳහා දහස් සංඛ්‍යාත කතෝලික තරුණයන්ද එක්වූ බවට විදෙස් වාර්තා සදහන් කළේය.

ලොව දසත ධජ රැගත් තරුණ තරුණියන් මේ අවස්ථාවට එක්ව සිටි අතර එහි සිටි තරුණ පිරිස් රංගන සහ නර්තන ඉදිරිපත් කරමින් විනෝද වන අයුරුද දක්නට ලැබී ඇත.

උත්සවය ආරම්භවීමට පෙර ඒ සම්බන්ධයෙන් සිය අදහස් දැක්වූ පැනමා ජනාධිපතිවරයා සඳහන් කර තිබුණේ පිරිසිදු දේශපාලනයක් සියලු තරුණ තරුණියන්ගේ අපේක්ෂාව වන බවය.

පාලකයන් අවංකව, විනිවිද භාවයකින් යුක්තවත්, සරළවත් රට පාලනය කිරීම සහ දූෂණය පිටුදැකීම ඔවුන්ගේ සිහිනය වන බවත් ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.

ලතින් අමෙරිකාව නියෝජනය කරමින් පත්වූ පළමු පාප් වහන්සේ ලෙසින් අති උතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඉතිහාසයට එක්වෙයි.

2013 වසරේදී ධුරයට පත්වූ උන් වහන්සේ විප්ලවීය මත දරන අයෙක් ලෙසින්ද ප්‍රකටය.

Rate this item
(0 votes)