April 27, 2024

කර්මාන්තශාලාවක පිපිරීමක් - 6 දෙනෙක් මරුට

ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි කර්මාන්තශාලාවක ගෑස් සිලින්ඩරයක් පිපිරීයාම හේතුවෙන් කුඩා ළමුන් ඇතුළු පුද්ගලයින් 06 දෙනෙකු මියගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මහල් දෙකකින් සමන්විත පින්තාරු කර්මාන්තශාලාවක බිම් මහලේ පිපිරීම සිදුව ඇති බවයි.

පිපිරීමත් සමඟ එම කර්මාන්තශාලාවේ ගින්නක් ද හටගෙන ඇති අතර ගින්න නිවීම සඳහා ගිනි නිවන රථ 08 ක් පමණ යොදා තිබේ.

ගින්නට මැදි වී සිටි පුද්ගලයින් 15 දෙනෙකු බේරා ගැනීමට මුදා ගැනීමේ කණ්ඩායම්වලට හැකියාව ලැබී ඇති අතර තවත් 08 දෙනෙකු පමණ ගොඩනැගිල්ල තුළ සිරවී සිටින බව වාර්තා වෙයි.

සිද්ධියෙන් කර්මාන්තශාලාවේ හිමිකරුද තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Rate this item
(0 votes)