May 08, 2024

නව වසරේ උදාව රටවල් කිහිපයක්ම සමරයි

2019 නව වසර උදාව සමරනු ලබන ලොව ප්‍රථම රටවල් අතරට සමෝආ, නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව ආදී රටවල් 2018 වසර අවසන් වී 2019 නව වසරේ උදාවට සම්ප්‍රාප්ත වී තිබේ.

සමෝආ රාජ්‍ය විසින් නව වසරේ උදාව සැමරීමෙන් සුළු මොහොතකට පසුව නවසීලන්තයද නව වසරේ උදාව සමරනු ලැබූ අතර, දැවැන්ත ගිනිකෙළි සංදර්ශනයක් සමග ඕක්ලන්ඩ් නුවර ස්කයි ටවර් කුලුණ ආලෝකමත් විය.

මේ අතර, සිලිඕ උද්‍යානයේ පැවති වොන්ඩර්ගාර්ඩන් සැණකෙළි භූමියටද විශාල පිරිසක් එක්ව සිටියේ මෙම උත්සව අවස්ථාව සැමරීම වෙනුවෙනි.

මේ අතර, නව වසරේ උදාව කලින්ම සැමරූ සමෝආ රාජ්‍ය තුළද දැවැන්ත සැණකෙළි සිරියකින් 2019 වසර පිළිගෙන තිබුණු බව විදෙස් වාර්තා පවසයි.

ඉන් අනතුරුව ඔස්ට්‍රේලියාවද නව වසරේ උදාව මහත් හරසරින් සරමනු ලැබුවේ දැවැන්ත ගිණිකෙළි සංදර්ශනයක්ද සමගිනි.

Rate this item
(0 votes)