April 26, 2024

හිමාලයේ ගැබිණි මව්වරුන්ට පිහිට වන කාන්තාව

December 29, 2018

නිල වාර්තාවලට අනුව පාකිස්තානයේ ගැබිණි මව්වරුන්ගෙන් අඩකටත් වඩා වැඩි ප්‍රමාණයකට වින්නඹු මව්වරුන්ගේ සහය නොලැබේ.

විශේෂයෙන් ප්‍රත්‍යන්ත කලාපයක් වන හිමාල ප්‍රදේශයේ ගැබිණි මව්වරුන් බහුතරය ප්‍රසූතිය සිදු කරනු ලබන්නේ කිසිවෙකුගේ සහය නොමැතිවය.

මේ අතර ගැබිණි මව්වරුන් සියයකට ආසන්න සංඛ්‍යාවකගේ වින්නඹු මාතාව ලෙස කටයුතු කළ "සුපිරි කාන්තාවක්" පිළිබඳ එම ප්‍රදේශයෙන් වාර්තා වේ.

"මගේ පළමු දරුවා උපදිනකොට මුළු ගමටම වින්නඹුවක් හිටියේ නැහැ. උදව්වක් නැතිව දවස් දෙක තුනක් මම විලිරුදාවෙන් ගත කළා. දරුවා ඉපදුනාට පස්සේ වින්නඹුවක් වීම සඳහා පුහුණු වීමට මම හිතා ගත්තේ විලිරුදාවෙන් වේදනා විඳිමින් සිටියදී," ෂබානෝ බීබීසීය සමග අදහස් දක්වමින් කියා සිටියේය.

"මම මේ සඳහා මුදල් අය කරන්නේ නැහැ. එක්කෙනෙක් තේකකින් සංග්‍රහ කරන්න පුළුවන්. තව කෙනෙක් රුපියල් සීයක් දෙන්න පුළුවන්."

රැකියා වියුක්තිය ඉහළ මට්ටමක පවතින සිය කලාපයේ බහුතරය දුගී බැවින් පීඩා විඳින බව කී ඇය වසර දහයක සිට වින්නඹු මාතාවක් වශයෙන් කටයුතු කරන බව ද සඳහන් කළාය.

"මේ හිමාලයේ පහසුකම් නැහැ අඩුම තරමේ කාර් එකක් හොයා ගන්නවත් නැහැ. ඒත් ඕනෑම රැයක දවාලක මට කතා කළොත් මම උදව්වට එනවා."

හිමාල කලාපයේ ගමින් ගමට යාම ද තරමක අවදානම් සහගත ක්‍රියාවකි. කලාපයේ කාන්තාවන් විසින් ෂබානෝ සලකනු ලබන්නේ "සුපිරි කාන්තාවක්" (සුපර් වුමන්) වශයෙනි.

ගැබිණි මව්වරුන්ගේ සෞඛ්‍ය තත්ත්වය සොයා බැලීම සඳහා ඔවුන් වෙත යන ෂබානෝ ගුණ කෑම වර්ග සහ අනුගමනය කළ යුතු දේ පිළිබඳ ඔවුන්ට උපදෙස් ලබා දෙන්නීය.

Rate this item
(0 votes)
Last modified on Friday, 28 December 2018 13:28