April 27, 2024

හමුදා නායක ජනපතිට සැරසේ

ජනාධිපති ධුරයට තරඟ කිරීම සඳහා තමා හමුදාපති තනතුරෙන් ඉල්ලා අස්වන බව ඊජිප්තු හමුදා නායක ෆීල්ඩ් මාෂල් අබ්දුල් ෆාටා අල් -සිසි පවසා තිබේ. 

තමා හමුදා නිල ඇඳුමින් පෙනී සිටින අවසන් අවස්ථාව මෙය යැයි ඔහු රාජ්‍ය රුපවාහිනිය ඔස්සේ පෙනී සිටිමින් කියා සිටි බව බීබීසි ප්‍රවෘත්ති සේවය සඳහන් කරයි.

පසුගිය ජූලි මාසයේ ඉස්ලාමීය ජනාධිපති මොහමඩ් මුර්සි තනතුරෙන් පහ කෙරුණු ජනතා උද්ඝෝෂණයට නායකත්වය දෙනු ලැබුවේද ඊජිප්තු හමුදා නායක විසිනි.

Rate this item
(0 votes)