April 27, 2024

MeToo ව්‍යාපාරය ගැන අදහස් දැක්වූ ප්‍රීටි සින්ටාට ඉන්දියානුවන්ගේ විරෝධය

December 02, 2018

ජනප්‍රිය බොලිවුඩ් නිළියක වන ප්‍රීටි සින්ටා #MeToo ව්‍යාපාරය පිළිබඳව පළ කළ අදහසක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා දැඩි විවේචන එල්ල වී තිබේ.

මේ අතර, ඇය චෝදනා කර ඇත්තේ, තමන් පැවසූ අදහස "වැරදි ලෙස සංස්කරණය" කර ඇති බවටය.

#MeToo ව්‍යාපාරය හොලිවුඩ්හිදී මීට වසරකට පමණ ඇරඹුණු අතර ඒ තුළින් තමන් මුහුණ දුන් ලිංගික අතවර සම්බන්ධයෙන් දහස් ගණනක් කාන්තාවන් අදහස් දක්වා තිබිණි.

පසුගිය මාස කිහිපය තුළ #MeToo ව්‍යාපාරය ඉන්දියාව තුළ දැඩි අවධානයට ලක්වූයේ, ඒ හරහා විකට නළුවන්, මාධ්‍යවේදීන්, ලේඛකයින්, නළුවන් සහ චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ට ලිංගික අතවර චෝදනා එල්ල වීම හේතුවෙනි.

Rate this item
(0 votes)