April 26, 2024

උසස් පිළිගැනීමක්

November 29, 2018

වෙනිසියුලාවට පැමිණ සිටින උතුරු කොරියානු උසස් රාජතාන්ත්‍රික නිලධාරියෙක්ට ඉහළ පිළිගැනීමක් හිමිව තිබේ.

උතුරු කොරියානු ප්‍රදර්ශනාත්මක නායක කිම් යොන්ග් නම් මේ දිනවල වෙනිසියුලාවේ සංචාරයක නිරත වෙමින් සිටියි.

උතුරු කොරියානු ඉහළ පෙළේ රාජ්‍යතාන්ත්‍රිකයෙක් දකුණු අමෙරිකාවේ සංචාරයක නිරතවන පළමු අවස්ථාව ලෙසින් මේ සංචාරය ඉතිහාසයට එක්වෙයි.

කරාකස් අගනුවරට පැමිණි උතුරු කොරියානු රාජතාන්ත්‍රිකයා පිළිගැනීමේ අවස්ථාවට වෙනිසියුලානු ජනාධිපති නිකලස් මදුරෝ එක්ව සිටියේය.

කිම් යොන්ග් නම් සමඟ පැවැති සාකච්ඡා අතරතුර දෙරට අතර සබඳතා තවත් ශක්තිමත් වූ බව සාකච්ඡාවලින් අනතුරුව මාධ්‍ය අමතමින් ජනාධිපති මදුරෝ පැවැසුවේය.

කෙසේ වෙතත් එහිදී ඇතිකරගත් එකඟතා සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අනාවරණය කිරීම දෙරටේ බලධාරීන් ප්‍රතික්ෂේප කර තිබුණි.

වෙනිසියුලාව මේ වන විට දැඩි ආර්ථික අවපාතයකට මුහුණදී සිටියි.

මේ හේතුවෙන් එහි ජනතාව අසල්වැසි රටවල් වෙත සරණාගතයන් ලෙසින් සංක්‍රමණය වෙමින් පවතින අවස්ථා පසුගිය සමයේදී නිතර වාර්තා විය.

අමෙරිකාව සහ වෙනිසියුලාවේ රජය අතරද පවතින්නේ දැඩි පස මිතුරු ආකල්පයක්.

මේ හේතුවෙන් අමෙරිකාවට ප්‍රතිවාදී රටවල් වන රුසියාව, චීනය සහ තුර්කිය වැනි රටවල් සමඟ දැඩි මිත්‍රකම් පැවැත්වීමට වෙනිසියුලාව කටයුතු කරමින් සිටියි.

උතුරු කොරියාව සහ මිත්‍රකමක් ඇති කර ගැනීමට ඔවුන් කටයුතු කර ඇත්තේද ඒ අනුව බව විදෙස් විචාරකයන් පෙන්වා දුන්නේය.

Rate this item
(0 votes)