April 26, 2024

ඉතියෝපියාවේ ජනපති ධුරය කාන්තාවකට

ඉතියෝපියාවේ පාර්ලිමේන්තු සාමාජිකයන් සිය ප්‍රථම කාන්තා ජනපතිනිය ලෙස සහලේ-වර්ක් සව්ඩේ (Sahle-Work Zewde) තෝරා පත්කර ගෙන තිබේ.

ඉතා පළපුරුදු රාජතාන්ත්‍රිකයෙකු වන සහලේ-වර්ක් සව්ඩේ, මේ වන විට අප්‍රිකානු රටවල සිටින එකම රාජ්‍ය නායිකාවයි.

එරට අග්‍රාමාත්‍ය අබියි අහ්මද් විසින් පත් කරන ලද නව කැබිනට් මණ්ඩලයේ හරි අඩක් තනතුරු දරන්නේ කාන්තාවන්ය. එම පත්කිරීම්වලින් සතියකට පසු සහලේ-වර්ක් සව්ඩේ ජනාධිපතිනිය ලෙස සාමාජික ඡන්දයෙන් තේරී පත් විය.

ඉතියෝපියාව තුළ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව ඇති කිරීමට කටයුතු කරන බව සිය තනතුරෙහි දිව්රුම් දීමෙන් පසු සහලේ-වර්ක් සව්ඩේ පොරොන්දු වූවාය.

Rate this item
(0 votes)