April 26, 2024

කොරියානු දේශසීමාවල බිම් බෝම්බ ඉවත්කිරීම ඇරඹෙයි

උතුරු කොරියානු සහ දකුණු කොරියානු දේශසීමාවල වළ දමා ඇති ලක්ෂ 8ක් ඉක්මවන බිම් බෝම්බ ඉවත්කිරීමේ කටයුතු දෙරටම අරඹා ඇති බව විදෙස් වාර්තා පවසයි.

දකුණු කොරියානු අන්තයෙන් දෙරට විසින්ම දැඩි ආරක්ෂාවක් යොදවා ඇති ඒකාබද්ධ ආරක්ෂක කලාප ආශ්‍රිතව බිම් බෝම්බ ඉවත්කිරීමේ කටයුතු අරඹා ඇති අතර, පැන්මුන්ජොම් ගම්මානය ඒ අතර ප්‍රධාන වෙයි.

එමෙන්ම, කොරියානු යුද්ධයේදී හමුදා භටයන් සිය දහස් ගණනින් මියගිය ඇතැම් දේශසීමාවලද බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සිදුකෙරෙමින් පවතී.

පසුගියදා උතුරු කොරියාවේ සංචාරයක නිරත දකුණු කොරියානු ජනපති මූන් ජේ-ඉන් සහ උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන් අතර ඇති කරගත් සම්මුතියකට අනුව මෙම ක්‍රියාදාමය සිදුවන බව විදෙස් වාර්තා පවසයි.

Rate this item
(0 votes)