April 27, 2024

සුනාමියෙන් මියගිය සංඛ්‍යාව 1000 ඉක්මවයි

ඉන්දුනීසියාවට බලපෑ රික්ටර් පරිමාණ ඒකක 7.5 ක ප්‍රබල භූකම්පනයත් සමඟ ඇතිවූ සුනාමි තත්ත්වයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව දහසද ඉක්මවනු ඇති බව එරට උප ජනාධිපතිවරයා පවසයි.

ඉන්දුනීසියාවේ සුලවෙසි දිවයිනට බලපෑ මැග්නිටියුඩ් ඒකක 7.5ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයෙන් පසුව හටගත් සුනාමි තත්ත්වයෙන් දැඩි බලපෑමක් එල්ල වූ  පලු නගරයේ එරට ජනාධිපති ජොකෝ විඩෝඩෝ නිරීක්ෂණ චාරිකාවක නිරත  විය.

එහි  හටගත් සුනාමි තත්ත්වයත් සමඟ මුහුදු රළ මීටර් හයක් පමණ උස්ව ගොඩබිමට පැමිණීම ජීවිත හානි රැසකට හේතු වී ඇති බව සඳහන් විය.

භූ කම්පනයෙන් සහ සුනාමි තත්ත්වයෙන් මියගිය සංඛ්‍යාව 800ද ඉක්මවා ඇති අතර එම සංඛ්‍යාව තවදුරත් ඉහළ යනු ඇති බව පැවසෙයි.

සන්නිවේදන සබඳතා පවා බිඳ වැටී ඇති ප්‍රදේශ වල ජනතාවට පිහිට වීම සඳහා  ඔවුන්  වෙත ළඟාවීමට සහන සේවකයින් දැඩි පරිශ්‍රමයක් දරමින් සිටී.

මෙහිදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්  ඉන්දුනීසියා ජනාධිපතිවරයා ආපදාවට ලක්වූ ප්‍රදේශ වල සහන හා ප්‍රතිසංස්කරණ වෙනුවෙන් රජය පූර්ණ සහය ලබා දෙන බවත් එය  කඩිනමින් ක්‍රියාවට නැංවීමට අපේක්ෂා කරන බවත් සඳහන් කළේය.

භූ කම්පනයේ අපිකෙන්ද්‍රයට ආසන්නව  පිහිටි ඩොන්ගාලා නගරයට සහ තවත් දිස්ත්‍රික්ක දෙකකට සිදුව ඇති හානිය මෙතෙක් තක්සේරු කර නොමැති අතර එය මන්දගාමී ස්වරූපයක් ගැනීම ඛේදවාචකයේ බිහිසුණු බව තවදුරටත් කියාපායි.

මේ අතර ඉන්දුනීසියා උප ජනාධිපතිවරයා පවසන ආකාරයට සිදුවූ මරණ සංඛ්‍යාව දහසද ඉක්මවනු ඇති බව විදෙස් වාර්තා වල දැක් වේ.

Rate this item
(0 votes)