May 10, 2024

මාධ්‍යවේදීන් ඉවත්කිරීම සඳහා ගුවන්විදුලියට රජය අතපොවලා

September 28, 2018

ඔස්ට්‍රේලියානු රාජ්‍ය ගුවන්විදුලිය හෙවත් ඔස්ට්‍රේලියා ගුවන්විදුලි සංස්ථාවේ සේවකයන් දෙදෙනෙකු රජයට එරෙහි ප්‍රවෘත්තියක් පළ කළේ යැයි කියන සිද්ධියක් මුල් කරමින් ඔවුන් සේවයෙන් නෙරපීමට උත්සාහ කළ එම ආයතනයේ සභාපතිවරයාටම සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට සිදුව තිබේ.

ඔස්ට්‍රේලියානු ගුවන්විදුලි සංස්ථාව (ඒ.බී.සී.) තුළ දේශපාලන අතපෙවීම් සිදුවන බවට ඇති වූ උණුසුම් තත්ත්වය සමගින් සභාපතිවරයාට මේ ආකාරයෙන් සිය ධුරයට සමුදීමට සිදුව ඇත.

ජස්ටින් මිල්නේ මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන අතර, ඔහු පවසන්නේ ඇතිවි තිබෙන පීඩනය වැළැක්වීම සඳහා තමන් ධුරයෙන් ඉවත්වන බවයි.

මේ අතර, ඔස්ට්‍රේලියානු රජයද මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන අතර, තමන් කිසිදු විටක එහි මාධ්‍යවේදීන් ඉවත්කිරීම සඳහා අනුබලයක් ලබා නොදුන් බව කියයි.

බී.බී.සී.ය මෙන්ම, ඒ.බී.සී. සේවයද මහජන අරමුදල්වලින් යැපෙන ආයතනයකි. කෙසේ වෙතත්, එහි කර්තෘ මණ්ඩලය ව්‍යවස්ථාපිත ලියවිල්ලකින් ස්වාධීනව ආරක්ෂා වී තිබේ.

එබැවින්, ප්‍රවෘත්ති විකාශයේදී පවා ඒකපාර්ශ්වීය හෝ පවතින රජයට පක්ෂපාතී නොවී ස්වාධීනව කටයුතු කිරීමේ බලය එම ආයතනයට හිමිව ඇත.

Rate this item
(0 votes)