April 27, 2024

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට කුළුදුලේ ආ බිළිදා

September 26, 2018

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට සහභාගී වූ නවසීලන්ත අගමැතිනී ජසින්ඩා ආර්ඩර්න් එහිදී පැවැත්වූ සිය කුළුඳුල් කතාව සිදුකරනු ලැබුවේ, එම මණ්ඩල ඉතිහාසය තුළ කුළුඳුල් බිළිඳෙකුගේ සහභාගීත්වයද සනිටුහන් කරමිනි.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීමට පෙර ජනපතිනිය තමාගේ දියණිය වූ නීව් සමග මහා මණ්ඩලය තුළ ගත කරන ආකාරය විදෙස් කැමරාවල සටහන් විය.

එහිදී, ඇය සමුළුව අමතන කාලය තුළ ඇයගේ ස්වාමියා වූ ක්ලාර්ක් සහ ආයම්මා විසින් දරුවා බලාගන්නා ආකාරය දැකිය හැකි වූ අතර, නවසීලන්ත අගමැතිනිය සිය ධුර කාලය තුළ දරුවෙකු ප්‍රසූත කළ ලොව දෙවැනි අගමැතිනිය ලෙසද ඉතිහාසයට එක්ව සිටියි.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සිය කළුඳුල් කතාව ජසින්ඩා විසින් සිදුකරනු ලැබුවේ නෙල්සන් මැන්ඩෙලා සාම සමුළුව අවස්ථාවේදීය.

එහිදී, හිටපු දකුණු අප්‍රිකානු නායකයාගෙන් නවසීලන්තය වෙත ලැබුණු විචක්ෂණශීලී බලපෑම ඉස්මතු කරමින් ඇය කතා කර තිබුණි.

Rate this item
(0 votes)