April 26, 2024

සවුදි කාන්තාවන්ට ගුවන් නියමු අවස්ථාව

September 22, 2018
සහයක ගුවන් නියමුවරියන් සහ ගුවන් සේවිකාවන් ලෙස කාන්තාවන් බඳවා ගැනිමට සවුදි අරාබිය තීරණය කර තිබේ. පළමු වරට මෙම තීරණය ගෙන ඇති බව විදෙස් වාර්තා ප‍්‍රකාශ කර ඇත 
 
මේ වන විට කාන්තාවන් දහසක් පමණ අයදුම්පත් යොමුකර තිබීම විශේෂත්වයකි. ශ‍්‍රම බලකාය සදහා කාන්තා සහභාගිත්වය ඉහල නැංවීම මෙහි අරමුණ බව සදහන් ය. 
 
කාන්තාවන්ගේ දායකත්වය ආර්ථික කි‍්‍රයාවලිය සදහා ලබා ගැනීමට සවුදි අරාබිය නව වැඩපිළිවෙලක් ආරම්භ කර ඇත.
 
එසේම මීට මාස කිහිපයකට පෙර සෞදි කාන්තාවන්ට පනවා තිබූ රියපැදවීම තහනම් කිරීමට අදාළ නීතිය ද ඉවත් කෙරුණි. 
Rate this item
(0 votes)