April 27, 2024

හමුදා ප්‍රධානින්ගේ හමුවක්

September 19, 2018

චීනයේ සංචාරයක නිරත පාකිස්ථාන හමුදා ප්‍රධානී කමාර් ජාවිඩ් බජ්වා එරට හමුද ප්‍රධානීන් ඇතු ඉහල පෙලේ නායකයින් සමඟ සාකච්ඡා පවත්වා තිබේ.

පාකිස්ථාන හමුදා ප්‍රධානියා පෙරේදා (17)  චීනයට පැමිණි අතර ඔහු තෙදිනක් චීනයේ සංචාරය කිරීමට නියමිතයි.

චීන විදේශ අමාත්‍යවරයාගේ ඉස්ලාමාබාද් සංචාරයෙන් අනතුරුව පාකිස්ථාන හමුදා ප්‍රධානියා චීනයේ සංචාරයක නිරත වන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

පාකිස්ථාන හමුදා ප්‍රධානියාගේ මෙම සංචාරය චීන පාකිස්ථාන සබඳතා වර්ධනයට මෙන්ම හමුදා අතර අනොන්‍ය සම්බන්ධතාවන් වර්ධනය කර ගැනීමට අවස්ථාවක් වනු ඇති බව චීන විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ.

Rate this item
(0 votes)