April 27, 2024

තෙලංගානාහිදි බස් රථ අනතුරකින් 52ක් මරුට

September 12, 2018

ඉන්දියාවේ තෙලංගානා ප්‍රදේශයේ  වන්දනාකරුවන් පිරිසක් රැගත් බස් රථයක් අනතුරට ලක්වීමෙන් 52දෙනකු පමණ මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
  
බස් රථය අනතුරට ලක්වනවිට එහි 84දෙනෙක් පමණ ගමන් කර ඇති බව පොලිසිය පවසයි. පොලිසිය පවසන්නේ මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළයාමට ඉඩ ඇති බවයි.
  
අනතුරට ලක්වූ රථය ප්‍රාදේශීය මාර්ග ප්‍රවාහන අංශයට අයත් බස් රථයක් වන බවත් බස් රථය කොන්ඩගට්ටු වෙත දුෂ්කර මාර්ගයක් ඔස්සේ ගමන්කරමින් තිබී ඇති බවත් පොලිසිය කියයි. රථය පාරෙන් ඉවතට පැන වට කිහිපයක් කරකැවී පහතින් ඇති දොරුවකට ඇදවැටී ඇතැයි මාධ්‍ය වාර්තා කර ඇත.

Rate this item
(0 votes)