April 27, 2024

සමලිංගික තහනම ඉවතට

September 06, 2018

සමලිංගික සබඳතා තවදුරටත් සාපරාධී ක්‍රියාවක් නොවන බවට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

එය ඉතිහාසගත වන තීන්දුවක් බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබූ අතර මීට පෙර ඉන්දියාව තුළ සමලිංගික සබදතා අස්වාභාවික හා සාපරාධී ක්‍රියාවක් බව පවසමින් 2013 වර්ෂයේදී ද අධිකරණ තීන්දුවක් ලබාදී තිබිණි.

සමලිංගිතක සබදතා සාපරාධී ක්‍රියාවක් නොවන බවට ඉල්ලමින්  පසුගිය දින වල ඉන්දියාව පුරා ඇතැම් පිරිස් හා සමාජ ක්‍රියාකාරීන් විසින් උද්ඝෝෂණ සිදු කළේය.

සමලිංගික සබඳතා සම්බන්ධව ලොව පැරණිතම නීති ඉන්දියාව තුළ පවතින අතර එයට අනුව 2013 වර්ෂයේදී ලිංගික සබදතා සාපරාධී ක්‍රියාවක් ලෙස අදාළ තීන්දුව ලබාදී තිබිණි.

අදාළ නීති වෙනස් කරමින් ඉන්දියාව තුළ තවදුරටත් සමලිංගික සබඳතා අපරාධ ඝනයට අයත් නොවන බව අද දිනයේ ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රකාශ කළේය.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 06 September 2018 15:39