April 26, 2024

පෙර පාසලේ පෝල් ඩාන්ස් නැටුම නිසා කැළඹුන දෙමවුපියෝ

September 05, 2018

චීන පෙර පාසලක් වෙත නවක සිසුන් බඳවා ගැනීමේ උත්සවයක් අවස්ථාවේදී පෝල් ඩාන්ස් නර්ථනයක් සමග ශරීරය නිරාවරණය වූ ඇඳුම්වලින් සැරසුණු යුවතියන්ගේ අනඟ රැඟුම් දෙමවුපියන් ඇතුළු බොහෝ දෙනෙකුගේ දෝෂදර්ශනයට ලක්ව තිබේ.

'සදර්න් මෙට්‍රොපොලීස් ඩේලි' පුවත්පත වාර්තා කරන ආකාරයට, ෂින්ෂහූයි පෙර පාසලේ පැවති මෙම නවක සිසුන් බඳවා ගැනීමේ අවස්ථාවට දරුවන් මෙන්ම, ඔවුන්ගේ දෙමවුපියන්ටද ආරාධනා ලැබී ඇත.

ඒ අනුව, මෙම වැඩසටහනේ එක් අංගයක් ලෙස ශරීරය නිරාවරණය වූ තරුණියන් කිහිප දෙනෙකුම සිය නර්ථනයන් පෙන්වද්දී, තවත් යුවතියක් පෝල් ඩාන්ස් නර්ථනයක්ද ඉදිරිපත් කර තිබේ.

එම අවස්ථාවේදී ඊට සහභාගී වූ ඇතැම් දෙමවුපියන් මෙම දසුන් සිය ජංගම දුරකථනවල පටිගත කර සමාජජාල හරහා හුවමාරු කිරීමත් සමග දහස් සංඛ්‍යාත පිරිසක් එකී සිදුවීම ගැන අදහස් පළ කර ඇත.

එහිදී, වැඩි පිරිසක් පෙර පාසලක් වැනි කුඩා දරුවන් සිටින ස්ථානයක මෙවැනි අනඟ රංගනයක් පෙන්වීම සම්බන්ධයෙන් එම පෙර පාසලේ බලධාරීන්ට චෝදනා කර තිබේ.

එමෙන්ම, ඇතැම් පිරිස් දැනටමත් එම පාසලේ ඉගෙනුම ලබන තම දරුවන් ඉන් ඉවත් කරගැනීමට පියවර ගනිමින් සිටින බවද සඳහන් වෙයි.

මේ සමගම අදාළ පළාත් අධ්‍යාපන අධිකාරිය විසින් මෙම සිදුවීම සම්බන්ධයෙන් සමාව අයැදින ලෙස අදාළ පාසලට උපදෙස් දී ඇති අතර, පාසලේ විදුහල්පතිවරයා ඉවත් කරමින් මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසද දන්වා තිබේ.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 05 September 2018 08:35