April 27, 2024

පොරොන්දු කඩ කළ ඉම්රාන් ඛාන්

පාකිස්තානයේ නව අගමැතිවරයා ලෙස දූෂණයට තිත තබමින් වඩාත් ලුහුපෙවෙතක් ගත කරන බවට පොරොන්දු දී බලයට පත් ඉම්රාන් ඛාන් කිලෝමීටර් 15ක දුරක් යෑමට හෙලිකොප්ටරයක් භාවිත කර තිබේ.

ඔහුගේ පෞද්ගලික නිවසේ සිට නිල නිවස වෙත ගමන් කිරීම සඳහා මේ ආකාරයෙන් හෙලිකොප්ටරයක් යොදාගැනීම ගැන මේ වනවිට සමාජජාල තුළ ඔහුට මඩ ප්‍රහාර එල්ල වෙමින් තිබේ.

විශේෂයෙන්ම අගමැති ධුරයේ දිවුරුම්දීමත් සමග ජනතාව අමතමින් ඔහු තමාගේ කාර්ය මණ්ඩලය පවා දෙදෙනෙකුට සීමා කරන බව පැවසූ අතර, සුඛෝපභෝගී දිවිය අත්හැර දේශපාලනඥයන්ට පටි තද කරගන්නා ලෙසද ඔහු කියා සිටියේය.

අගමැතිවරයා බේරාගැනීම සඳහා තොරතුරු අමාත්‍ය ෆවාඩ් චෞද්‍රි විසින් සිදුකර ඇති ප්‍රකාශය මෙම  සිදුවීම ගැන කතාබහ දෙගුණ තෙගුණ කර ඇත්තේ හොලිකොප්ටර් ගමන සඳහා වියදම පාකිස්තාන රුපියල් 55ක් (ඇ.ඩො.0.77ක්) තරම් මිල අධික නොවන්නක් බව ඔහු කියා සිටීමත් සමගිනි.

මෙය සමාජජාල මාධ්‍ය තුළ දැඩි හාස්‍යයට පවා ලක්ව ඇත්තේ විවිධ ඡායාරූපදයොදා ගනිමිනි. එහිදී, නව අගමැති ඛාන්ගේ හෙලිකොප්ටර් ප්‍රවාහන වියදම ඌබර් ටැක්සි රථයකටත් වඩා ලාභදායී බව සමාජජාල පරිශීලකයන් පවසා තිබේ.  

Rate this item
(0 votes)