April 26, 2024

කැස්බෑවුන් 300ක් මියයෑම ගැන පරීක්ෂණයක්

ධීවර දැල්වල පැටලී සිටි මියගිය මුහුදු කැස්බෑවුන් 300ක් පමණ මෙක්සිකෝවේ, ඔක්සකා ප්‍රාන්තය ආසන්න දකුණුදිග මුහුදු තීරයෙන් හමුවී තිබේ.

මෙම ප්‍රාන්තයට ආසන්න චියාපාසා හිදී තවත් කැස්බෑවුන් 102කගේ මළ සිරුරු හමුවී දිනකට පසුව මෙම හමුවීම සිදුවීමද විශේෂත්වයකි.

මෙම මුහුදු කැස්බෑවුන් සාමාන්‍යයෙන් මැයි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ බිත්තර දැමීම සඳහා වෙරළට පැමිණන අතර, ඔවුන් ලෝකයේ දැඩි වඳවීමේ යාමට ලක්ව ඇති සත්ව විශේෂයක් ලෙසද සැලකෙයි.

කෙසේ වෙතත්, මෙම කැස්බෑවුන් ජීවිතක්ෂයට පත්වූ හේතුව සොයා පරීක්ෂණ පැවැත්වෙයි.

එහිදී, මෙම සතුන් ධීවර දැල්වලට හසුවීමෙන් පසුව ජීවිතක්ෂයට පත්වූවද, නැත්නම් මියගොස් සිටියදී ධීවර දැල්වල පැටලී සිටියාද යන්න පැහැදිලි නොමැති බව කියයි.

මේ අතර, විශේෂඥයන් වසන්නේ අහිතකර ඇල්ගී, බිලී කොකු හෝ ධීවර දැල් ආදියද මෙම සතුන් මිය යෑමට හේතුවක් බවයි.

කෙසේ වෙතත්, මෙක්සිකෝව තුළ මුහුදු කැස්බෑවුන් ඇල්ලීම නීතියෙන් තහනම් කර ඇත්තේ වර්ෂ 1990 සිටය. යමෙකු මෙම සතුන් මරාදමා නීතියට හසුවුවහොත් දැඩි දඬුවමකට ලක්වීමටද සිදුවෙයි.

මෙම මරණ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට විශේෂ ෆෙඩරල් නීතිවේදියෙකු යටතේ පරීක්ෂණ පැවැත්වෙයි.

Rate this item
(0 votes)