April 27, 2024

නව අගමැතිගෙන් ඇමතිවරුන්ට හා රජයේ නිලධාරීන්ට පළමුවැනි පන්තියේ ගුවන් ගමන් තහනම්

ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ සියලු  රජයේ නිලධාරීන්  ගුවන් ගමන්වල යෙදීමේදී රජයේ  මුදලින්  පළමු පන්තයේ ගමන් තහනම් කිරීමට පකිස්ථාන  නව ආණ්ඩුව තීරණය කර තිබේ. 

ඉම්රාන් ඛාන්ගේ නායකත්වයෙන් යුතු කැබිනට් මණ්ඩලය රැස් වූ අවස්ථාවේදී එම තීරණය ගෙන තිබේ. 

නායකයන්ට සහ නිලධාරීන්ට අභිමතය පරිදි රාජ්‍ය මුදල පරිහරණය කිරීම තහනම් කිරීමට එම කැබිනට් හමුවේදී තීරණය වී තිබේ. ඒ අනුව පාකිස්තාන ජනාධිපතිවරයාට, අගමැතිවරයා ඇතුළු නායකයන් සහ සියලු රාජ්‍ය නිලධාරීන්ට ගුවන් ගමන්වලදී පළමු පන්තියේ ගමන් කිරීම තහනම් කර ඇත. 

ඉම්රාන් ඛාන් පසුගිය සතියේදී පාකිස්තානයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අතර රාජ්‍ය වියදම් සීමා කරන, අනවශ්‍ය වියදම් කපා හරින ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව එහිදි ප්‍රකාශ කළේය. ඔහු තම කාර්ය මණ්ඩලය අඩු කරන බවට ද ප්‍රකාශ කර ඇති අතර නිල නිවාසවල සිටීම ද ප්‍රතික්ෂේප කර තිබේ.

නිල නිවාස අධ්‍යාපන මධ්‍යස්ථාන බවට පත් කරන බව ද හෙතෙම කීවේය. 

Rate this item
(1 Vote)