April 26, 2024

අගමැතිවරයාට තවත් අභියෝගයක්

ඔස්ට්‍රේලියානු අගමැතිවරයාට තවත් නායකත්ව අභියෝගයකට මුහුණ පෑමට සිදුව තිබේ.

ඒ ඔහුගේ අමාත්‍යමණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුවන් තිදෙනෙකු සිය ධුර වලින් ඉල්ලා අස්වීමට තීරණය කිරීම හේතුවෙන්ය.

ඔස්ට්‍රේලියාවේ අගමැති මැල්කම් ටර්න්බුල්ට එරෙහිව නායකත්ව අභයෝග ඡන්ද විමසුමක් පවත්වනමෙන් ඉල්ලමින් එරට ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් තිදෙනෙකු සියධුර වලින් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

අගමැතිවරයාට එරෙහිව පසුගිය අඟහරුවාදා දිනයේද නායකත්ව අභියෝගයක් එල්ලවූ අතර මෙම අමාත්‍යවරුන් තිදෙනා එහිදී ටර්න්බුල්ට සහාය පළ කර තිබීමත් විශේෂත්වයකි.

ඔස්ට්‍රේලියාවේ හිටපු ස්වදේශ කටයුතු ඇමති පීටර් ඩට්න් අඟහරුවාදා පැවති නායකත්ව අභියෝග ඡන්ද විමසුමේදී මැල්කම් ටර්න්බුල්ගේ ප්‍රතිවාදියා ලෙස ඉදිරිපත්වූ අතර ඉන් ජයග්‍රහණය කර ගනිමින් සිය නායකත්වය තහවුරු කර ගැනීමට අගමැති ටර්න්බුල් සමත්වුණි.

කෙසේ නමුත් පසුගිය වර තීරණය වෙනසන් කරමින් මෙවර තම සහාය ඩට්න් හට ලබාදීමට තීරණය කල බවයි ධුර වලින් ඉවත්වූ අමාත්‍යවරුන් තිදෙනා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.

Rate this item
(0 votes)