April 27, 2024

අන්තර්ජාල භාවිතට තහංචි

 ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆටා එරට අන්තර්ජාල භාවිතය දැඩි කෙරෙන නව නීතියක් සඳහා අත්අසන් තබා තිබේ.

ඊජිප්තු බලධාරීන් උපුටා දක්වමින් විදසේ මාධ්‍ය වාර්තා කරන්නේ, සයිබර් අපරාධ පාලනය මැඩලීමේ අරමුණින් මෙම නව නීති හඳුන්වා දී ඇති බවයි.

ඒ අනුව ඊජිප්තු රජයට එරට ව්‍යවස්ථාවට, ජාතික ආරක්ෂාවට හෝ ආර්ථිකයට තර්ජනයක් වේ යැයි, හැඟෙන වෙබ් අඩවිවල ක්‍රියාකාරිත්වය අත්හිටුවිය හැකි වේ.

එමෙන් ම එවැනි වෙබ් අඩවියක් පවත්වා ගෙන යාම මෙන්ම එවන් වෙබ් අඩවියකට පිවිස එය භාවිත කිරීම ද දඬුවම් ලැබිය හැකි වරදකි.

තව ද ඊජිප්තු බලධාරීන් අවධාරණය කරන්නේ, රටේ අස්ථාවරත්වය මෙන්ම ත්‍රස්තවාදය මැඩලීම මෙවැනි නව පියවර අවශ්‍යවන බවයි.

කෙසේ වෙතත් මානව හිමිකම් සංවිධාන ඊජිප්තු රජයට චෝදනා කරන්නේ, ආණ්ඩුවට විරුද්ධ මත මර්දනය කිරීමට කටයුතු කරමින් සිටින බවයි.

තවද ආණ්ඩුවට චෝදනා එල්ල වන්නේ, මෙම නව නීතිය හඳුන්වා දීමටත් ප්‍රථම ඊජිප්තුව එරට ප්‍රධාන පෙළේ වෙබ් අඩවි 500කට අධික සංඛ්‍යාවක් අවහිර කර ඇති බවයි.

පසුගිය වසරේදී ද එරට පාර්ලිමේන්තුව අන්තර්ජාල භාවිතයට සීමා පැනවෙන තවත් කෙටුම්පතක් සම්මත කර ගත් අතර ඊට අබ්දෙල් ෆටා අත්සන් තැබීමට ද නියමිත වේ.

එකී නීතියට අනුව 5,000කට අධික අනුගාමිකයින් සිටින ඕනෑම සාමජ ජාල ගිණුමක් අධීක්ෂණයකට යටත්විය යුතු ය.

ඊජිප්තු ජනතාවට වීදි විරෝධතා තහනම් අතර නව නීතියට අනුව ඊජිප්තු වැසියන්ට සිය විරුද්ධ මත ප්‍රකාශ කිරීමට තිබූ සමාජ මාධ්‍යට ද සීමා පැනවෙනු ඇති.

හියුමන් රටියිට්ස් වොච් සංවිධානය පසුගිය මාසයේ අනතුරු ඇඟවිමක් නිකුත් කරමින් පැවසුවේ, ඊජිප්තු බලධාරීන් හදිසි නීතිය සහ අධිකරණය අවභාවිත කරමින් ජනමාධ්‍ය වේදීන් සහ ආණ්ඩුව විවේචනය කරන පිරිස්වලට අසාධාරණ ලෙස නඩු පවරමින් සිටින බව ය.

 

Rate this item
(0 votes)