April 27, 2024

තායිලන්ත පාපන්දු කණ්ඩායම බිතු සිතුවමකට නැඟෙයි

තායිලන්තයේ චියන්ග් රායි හි නිර්මාණය කරන දැවැන්ත බිතු සිතුවමයි මේ. පසුගියදා ලෝකයේම අවධානය දිනා ගත් තායිලන්ත පාපන්දු කණ්ඩායම සහ ඔවුන්ගේ පුහුණුකරු සිර වී සිටි ගුහාවෙන් බේරා ගැනීමට දායක වූ සියලු දෙනාට උපහාර පිණිසත්, ඒ සඳහා සිදු කළ විශිෂ්ට මෙහෙයුම සිහිවීම පිණිසත් මේ නිර්මාණය සිදු කෙරේ.

මේ බිතු සිතුවම සඳහා දායකත්වය ලබා දෙන්නේ දේශීය චිත්‍ර ශිල්පීන් විසින්. බේරා ගැනීමේ මෙහෙයුමේ දී මිය ගිය තායි නාවික සීල් කිමිදුම්කරු සමන් ගුනන්ට මේ සිතුවමේ විශේෂ ස්ථානයක් හිමි වී තිබේ.

දැවැන්ත මෙහෙයුම සඳහා එක් වූ දෙස් විදෙස් විශිෂ්ටයන් තායිලන්තයේ සදා කල් ජීවත් වනු ඇති බව පවසන චියැන්ග් රායි ආණ්ඩුකාර නරොන්ග්සක් ඔසත්තනකොර්න් වැඩිදුරටත් සඳහන් කළේ මේ ගුහා සංකීර්ණ පරිශ්‍රය ජීවමාන කෞතුකාරයක් වනු ඇති බවයි.

Rate this item
(0 votes)