April 27, 2024

කැනඩාවේ ටොරොන්ටෝහි වෙඩි තැබීමක් - 9ක් මරුට

කැනඩාවේ ටොරොන්ටෝ හිදී සිදු වූ වෙඩි තැබීමකින් ළමුන් ඇතුළු පුද්ගලයින් 09 දෙනෙකු තුවාල ලබා තිබේ.

එම අවස්ථාවේදී ආරක්ෂක අංශ සිදු කළ වෙඩි තැබීමකින් අදාල වෙඩි තැබිම සිදු කළ පුද්ගලයා මියගොස් ඇති බව එරට පොලිස් බලධාරින් ප්‍රකාශ කර ඇත.

අදාල  වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පිරිස ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති බව ද විදෙස් වාර්තා සඳහන් කළේය.

කුමන හේතුවක් මත මෙම වෙඩිතැබීම සිදු කළේ ද යන්න සම්බන්ධයෙන් මේ වන තෙක් තොරතුරු අනාවරණය වී නොමැති බව සඳහන් වේ. 

Rate this item
(0 votes)