May 08, 2024

ට්‍රම්ප්ගේ ප්‍රකාශයට එරෙහි විරෝධතාව තවදුරටත්

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාව සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයට එරෙහිව ක්‍රියාත්මක විරෝධතා අඛණ්ඩව තුන්වන දිනටත් පැවැත්වෙයි.

රුසියාව 2016 ඇමෙරිකානු ජනාධිපතිවරණයට මැදිහත් නොවූ බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකළ ප්‍රකාශයට එරෙහි විරෝධතාව තවදුරටත් පැවැත්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ධවල මන්දිරය ඉදිරිපිට පැවැත්වෙන විරෝධතාව සඳහා එරට වැසියන් විශාල පිරිසක් සහභාගිවී සිටින බවද වාර්තා වුණි.

ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරන දේශපාලනඥයින් පිරිසක්ද විරෝධතාවට එක්වී සිටියි.

රුසියාව සම්බන්ධයෙන් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය හේතුවෙන් තමන් ලජ්ජාවටත් අපහසුතාවටත් පත්ව සිටින බව විරෝධතාකරුවන් පවසයි.

දේශපාලනඥයින් රටේ හිමිකරුවන් නොවූවත් ඇතැමුන් හැසිරෙන්නේ රටේ හිමිකරුවන් මෙන් බවටද ඔවුන් චෝදනා කර සිටියේය.

Rate this item
(0 votes)