April 26, 2024

චීනයේ රසායනික කම්හලක පිපිරීමකින් 19ක් මරුට

චීනයේ සීචුවැං පළාතේ කර්මාන්ත ප්‍රදේශයක සිදුවු පිපිරීමක් හේතුවෙන් 19 දෙනකු මියගොස් 12දෙනකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඝන දුමාරයක් සහ ගිනි දැල් අහසට විහිදුන බවත් තෙමහල් ගොඩනැගිල්ලක් දැවී අළු වී ගිය බවත් බලා සිටි අය ප්‍රකාශ කළ බව එම මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

රසායනික කර්මාන්ත ශාලාවක පිපිරීම සිදුවී ඇති අතර එයට හේතුව අනාවරණය වී නොමැති බවත් බලධාරීහු පවසති.

මෙහි ඖෂධ හා ආහාර සඳහා අවශ්‍ය වන රසායනික නිපදවෙන බව පැවසේ.

සිද්ධිය පිළිබඳ පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බව චීනයේ සිංෂුවා ප්‍රවෘත්ති සේවය පවසයි.

ටියෑංජින්හි රසායනික කම්හලක 2015 වර්ෂයේ සිදුවූ මෙවැනි පිපිරීමකින් 165දෙනකු මියගියහ.

Rate this item
(0 votes)