April 27, 2024

සකර්බර්ග්ට පවුම් ලක්ෂ 5ක දඩයක්

බ්‍රිතාන්‍යය විසින් ෆේස්බුක් ආයතනය සඳහා පවුම් ලක්ෂ 05ක දඩයක් නියම කිරීමට සැළසුම් කර තිබේ.

එය ලොව ඉතිහාසයේ මෙතක් පැනවූ ඉහලම දඩය බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

බ්‍රිතාන්‍ය සමාගමක් වන කේම්බ්‍රිජ් ඇනලීටිකා ආයතනය විසින් ෆේස්බුක් භාවිත කරන්නන් මිලියන ගණනකගේ පෞද්ගලික දත්ත ලබාගෙන සිය දේශපාලන කටයුතු සඳහා යොදා ගැනීම සම්බන්ධයෙන් ෆේස්බුක් ආයතනයට ද චෝදනා එල්ල වීය.

එලෙස ෆේස්බුක් භාවිත කරන්නන්ගේ තොරතුරු පිටස්තර පුද්ගලයින් විසින් ලබාගැනීම පිළිබඳව  ෆේස්බුක් ප්‍රධානී මාර්ක් සකර්බර්ග්ගෙන්ද ප්‍රශ්න තිබුණි.

සකර්බර්ග් ඒ සම්බන්ධයෙන් කණගාටුව පළ කල අතර ෆේස්බුක් භාවිතකරන්නන්ගේ පෞද්ගලික තොරතුරු වෙනත් පාර්ශව වලට ලබාගැනීම වලක්වාලීම සඳහා මෘදුකාංග හදුන්වාදීමට බලාපොරොත්තු වන බව ද ප්‍රකාශ කර ඇත.

කෙසේවෙතත් ෆේස්බුක් ආයතනය සඳහා පැනවූ අදාළ දඩය තවදුරටත් අවම කිරීමට ඉඩ ඇති බව ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

Rate this item
(0 votes)