April 27, 2024

චීනයට ගින උතුරු කොරියානු නායකයාට උණුසුම් පිළිගැනීමක්

චීනයේ සංචාරයක නිරත උතුරු කොරියානු නායකයා පසුගියදා (19) එරට ජනාධිපති ෂී ජින් පින් හමුවිය.

පසුගියදා සිංගප්පූරුවේදී පැවති හමුව පිළිබඳව එහිදී නායකයින් දෙදෙනා සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.

දෙදින නිල සංචාරයක් සඳහා චීනයට පැමිණ උතුරු කොරියානු නායකයාට එහිදි හිමිවුණේ උණුසුම් පිළිගැනීමක්.

අනතුරුව නායකයින් දෙපළ සාකච්ඡා සඳහා එක්වුණා.

කොරියානු අර්ධද්වීපය න්‍යෂ්ටික අවිවලින් තොර කිරීම සඳහා උතුරු කොරියානු නායකයා දැරූ උත්සහය චීන ජනාධිපතිවරයාගේ පැසසුමට ලක්වූ බවද විදෙස් වාර්තා සඳහන් කළේය.

එමෙන්ම ඉදිරියේදී උතුරු කොරියාවට තම සහාය ලබාදෙන බවද චීන ජනාධිපති ෂී ජින් පින් තහවුරු කර තිබේ.

මේ වසර ආමර්භයේ සිට උතුරු කොරියානු නායකයා චීනයේ සංචාරය කල තෙවන අවස්ථාව මෙයයි.

Rate this item
(0 votes)