April 26, 2024

කැබිනට් මණ්ඩලයට කාන්තාවන් බහුතරයක්

ස්පාඤ්ඤයේ නව රජය විසින් පත් කළ කැබිනට් මණ්ඩලයට කාන්තාවාවන් බහුතර ප්‍රතිශතයක් පත් කර තිබේ.

17 දෙනෙකුගෙන් යුත් ස්පාඤ්ඥ කැබිනට් මණ්ඩලය සඳහා කාන්තාවන් 11 දෙනෙකු පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඒ අනුව යුරෝපයේ රටවල් අතුරින් ඉහළම කාන්තා ප්‍රතිශතයක් කැබිනට් මණ්ඩලයේ සිටින රට ස්පාඤ්ඥය බවට පත්ව තිබේ.

ස්පාඤ්ඤ නව අග්‍රාමාත්‍ය පේද්‍රෝ සැන්චෙස් විසින් අදාළ පත් කිරීම සිදුකර ඇති අතර ඔහු පවසා ඇත්තේ හිටපු අග්‍රාමාත්‍යවරයාගේ රජය පිරිමි ආධිපත්‍යයට නතු වී තිබු එකක් බවයි. 

මේ අතර ස්පාඤ්ඤයේ විද්‍යාව පිළිබඳ අමාත්‍යවරයා ලෙස ඉතිහාසයේ ප්‍රථම වතාවට ගගනගාමියෙකු පත් කිරීමට ද අග්‍රාමාත්‍යවරයා විසින් පියවර ගෙන තිබේ.

පේද්‍රෝ ඩූක් නැමැති 55 හැවිරිදි අදාළ ගගනගාමියා අභ්‍යාවකාශ යානා ඉංජිනේරුවරයෙකු  ලෙස කටයුතු කර ඇති බව සඳහන්ය.

Rate this item
(0 votes)