April 26, 2024

මාසයක් facebook තහනම්

පැපුවානිව්ගිනියාව තුළ ෆේස්බුක් සමාජ ජාලය මසක කාලයක් සඳහා තහනම් කිරීමට එරට රජය තීරණය කර තිබේ.

ෆේස්බුක් සමාජ ජාලය තුළ ව්‍යාජ පුවත් පැතිර යාම පාලනය කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බව එරට සන්නිවේදන අමාත්‍ය සම් බැසිල් පවසා ඇත.

අදාළ කාලය තුළ ව්‍යාජ පුවත් පල කරන්නන් සහ ව්‍යාජ ෆේස්බුක් ගිණුම් පවත්වාගෙන යන පුද්ගලයින් හඳුනාගැනීමට කටයුතු කරන බව ද ඔහු සඳහන් කර තිබේ.

Rate this item
(0 votes)