April 26, 2024

ශ්‍රී දේවිට හොඳම නිළිය සම්මානයක්

2018 ඉන්දීය ජාතික සිනමා සම්මාන උළෙලේදී හොඳ ම නිළියට හිමි සම්මානය අභාවප්‍රාප්ත ප්‍රවීණ ඉන්දීය රංගන ශිල්පිනී ශ්‍රීදේවිට පිරිනැමිණි.

එම සම්මානය ඇය වෙනුවෙන් ලබා ගත්තේ ශ්‍රීදේවිගේ ස්වාමිපුර්ෂයා වන බෝනී කපූර්, දියණියන් වන ජාන්වී කපූර් සහ කුෂී කපූර් ය.

2017 වසරේ තිරගත වූ මාම් සිනමා පටයේ රංගනය වෙනුවෙන් ඇයට මෙම සම්මානය පිරිනැමිණි.

දශක 5ක සිය සිනමා චාරිකාව තුළ ශ්‍රීදේවි ජාතික සම්මාන උළෙලකදී හොඳ ම නිළියට හිමි සම්මානය දිනා ගත් ප්‍රථම අවස්ථාව මෙය වේ.

ඒ අනුව ඇයට මෙම සම්මානය හිමි වූයේ, අභාවයෙන් මාස දෙකකට පසුව ය.

2018 ඉන්දීය ජාතික සිනමා සම්මාන උළෙල ජනාධිපති රාම් නාත් කෝවින්ද්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ නවදිල්ලි නුවරදී පැවැත්විණි.

Rate this item
(0 votes)