April 27, 2024

බ්‍රිතාන්‍ය රාජකීය විවාහයට ප්‍රියංකා චොප්රාට ඇරයුම්

සුපිරි බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රා හට බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ මෙගන් මර්කල්ගේ ලබන මස පැවැත්වෙන විවාහ උත්සවයට ඇරයුම් ලැබී ඇත.

අමෙරිකානු නිළි මෙගන් මර්කල්ගේ සමීප මිතුරියක වන ප්‍රියංකා චොප්රා, එම රාජකීය මංගලෝත්සවයේ මෙගන් මර්කල්ගේ දෙවන මනාලියක් වනු ඇති ද යන්න මෙතෙක් තහවුරුවී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙගන් මර්කල් සහ හැරී කුමරු ලබන 19 වැනි දින වින්ඩ්සර් මාලිගයේදී යුග දිවියට එලඹීමට නියමිත අතර ප්‍රියංකා චොප්රා මේ වනවිට ලන්ඩන් නුවර සංචාරයක නිරත වනු ඇත.

මෙගන් මර්කල් සහ ප්‍රියංකා මුල්වරට හමුවී ඇත්තේ මීට වසර තුනකට පෙර කාන්තා දිනය වෙනුවෙන් වූ රූපවාහිනී වැඩසටහනකදී ය. එහිදී පැවැති රාත්‍රී භෝජන සංග්‍රහයකදී මොවුන් දෙදෙනා ඉතා සමීප මිතුරියන් බවට පත්ව ඇතැයි සදහන් වේ.

මේ වන විට 35වැනි වියේ පසුවන ප්‍රියංකා චොප්රා සදහන් කර ඇත්තේ මෙගන් මර්කල් ශක්තිමත් කාන්තාවක් බවත් ඇය ඒ තුළින් අනාගතයේ දී ලෝකයේ කැපී පෙනෙන චරිතයක් වනු ඇති බවය.

කෙසේ වෙතත්, ඇය මංගල සාදයේ සිටීමට යනවාදැයි ජනතාව විමසූ විට ප්‍රියංක ප්‍රකාශ කර ඇත්තේ තමා දෙවැනි මනමාලියක් නොවන බවය.

Rate this item
(0 votes)