April 26, 2024

රජ පවුලට තවත් පුත් කුමරෙක්

බ්‍රිතාන්‍යයේ විලියම් කුමරු සහ ඔහුගේ බිරිඳ කේම්බ්‍රිජ්හි කෙට් මිඩිල්ටන් ආදිපාදවරිය සිය නව පුතණුවන් සමග පළමු වරට ජනතාව හමුවට පැමිණියහ.

ඒ බ්‍රිතාන්‍ය කිරුළට හිමිකම් කියන 5 වැන්නා ලෙස උපත ලද සිය තෙවන දරුවා රැගෙන රෝහලෙන් පිටව යාමට පෙරයි.

ඔවුන්ට සුබ පැතීමට ශාන්ත මේරි රෝහල ඉදිරිපිටට බ්‍රිතාන්‍ය වැසියෝ රැසක් පැමිණ සිටියහ.

මව් ආර්යාව සහ බිළිඳු කුමරා යහපත් ශරීර සෞඛ්‍යයෙන් පසුවෙන බව කෙන්සින්ටන් මාළිගය නිවේදනය කර තිබේ.

විලියම් – කේට් යුවළගේ තෙවන දරුවා ලෙස උපත ලද කුමරු බ්‍රිතාන්‍ය රජ කිරුළට හිමිකම් කියන පස් වැන්නා බවට පුංචි කුමරුගේ නම පසුව ප්‍රකාශයට පත් කරනු ඇති.

බිළිඳු කුමරා සඳහා නම් කීපයක් දැනටමත් යෝජනා වී ඇති අතර ආතර්, ඇල්බට්, ෆෙඩ්රික්, ජේම්ස් සහ පිලිප් යන නම් ඒවා අතර ඉදිරියෙන්ම පවතින බව විදෙස් වාර්තා අනාවරණ කළේය.

විලියම් කුමරුන් සහ කේට් ආර්යාවට සුබ පැතුම් පණිවුඩයක් යවමින් බ්‍රිතාන්‍ය අගමැතිනිය තෙරේසා මේ, පවසා ඇත්තේ “දීප්තිමත් අනාගතයක් සඳහා ඔවුන්ට සුබ පතන” බවයි.

විලියම් - කැතරින් රාජකීය පවුලේ පළමු දරුවා වන ජෝර්ජ් කුමරු 2013 වසරේ උපද ලද අතර චාලට් කුමරිය උපත ලැබුවේ 2015 වසරේදීයි.

Rate this item
(0 votes)