April 27, 2024

සිරියාවට එල්ල වු විෂ වායු ප්‍රහාරය ට්‍රම්ප් හෙලා දකියි

සිරියාවේ නැගෙනහිර ඩූමා ප්‍රදේශයට එල්ල වුඉ විෂවායු ප්‍රහාරය අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හෙලා දැක තිබේ.

පසුගියදා (08) දිනයේ එම ප්‍රදේශයට එල්ල වූ විෂවායු ප්‍රහාරයකින් පුද්ගලයින් 150ක් පමණ ජිවිතක්ෂයට පත් විය.

මෙම ප්‍රහාරය පිළිබඳව අමෙරිකානු ජනාධිපතිවරයා සිය කනස්සල්ල පල කරන අතර ඔහු ඒ සම්බන්ධයෙන් සිරියානු ජනාධිපති බසාර් අල් අෂාඩ් හට චෝදනා එල්ල කර තිබේ.

එමෙන්ම රුසියාව සහ ඉරානය ද ඊට සම්බන්ධ බව ඔහු ප්‍රකාශ කර ඇත.

මේ අතර මේ සම්බන්ධයෙන් පෙරේදා (09) දිනයේදී සාකච්ඡා කිරිමට බලාපොරොත්තු වන බව එක්සත් ජාතීන් ආරක්ෂක මණ්ඩලය තීරණය කර තිබේ.

 

Rate this item
(0 votes)