April 26, 2024

බන්ධනාගාර රැඳවූවන්ටත් යෝගා පුහුණුව

ඉන්දියාවේ තිහාර් බන්ධනාගාරයේ රැඳවූවන් පිරිසකට යෝගා පුහුණුවක් ලබා දී තිබේ.

දකුණු ආසියාවේ විශාලතම බන්ධනාගාරය වන්නේද මෙයයි.

නවදිල්ලියේ තිහාර් බන්ධනාගාරයේ රැඳවූවන් පිරිසකට මෙම යෝගා පුහුණුව ලබාදී තිබුණේ ලෝක සෞඛ්‍ය දිනයට සමගාමීවයි.

මේ සඳහා බන්ධනාගාර රැඳවූවන් බොහෝ පිරිසක් ද සහභාගී වී සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

බන්ධනාගාරයේ අධ්‍යක්ෂ ජනරාල් පවසන්නේ මෙවැනි වැඩසටහන් බන්ධනාගාර රැඳවූවන්ගේ අනාගත සුභසිද්ධිය උදෙසා සිදුකර බවයි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සංකල්පයක් අනුව ජගත් සංවිධානය ජූනි 21 වැනිදා ජාත්‍යන්තර යෝග දිනය ලෙස නම්කර ඇති බව විදෙස් වාර්තාවල සඳහන් වෙයි.

 

Rate this item
(0 votes)